ඕනම සැටලයිට් එකක් තනියෙම සෙටප් කරගමු.

 ඕනම සැටලයිට් එකක් තනියෙම සෙටප් කරගමු


සාදරයෙන් පිළිගන්නවා අපේ සැටලයිට් කොමියුනිටි එකේ හැමෝම..♥️


මුලින්ම කියන්න ඕනි මේ ගැන නොදන්නා අයට යම් කිසි දැනුමක් දෙන්න තමයි මේ සටහන පලකරන්නෙ..


අපි මෙම වෙබ් අඩවිය  තුළින් කතා කරන්නේ සැටලයිට් වලින් TV බලන්නෙ කොහොමද කියලා.


ඉතින් මෙහෙම TV බලන්න නම් අපිට මූලිකව අවශ්‍ය කරන උපකරණ කට්ටලයක් තියෙනවා.ඒ කට්ටලයට අපිට 

   රිසීවර් එකක් සහ එයට අවශ්‍ය කරන outdoor සැටලයිට් කිට් එකක් හන්බ වෙනවා.(මෙව්වා ඉතින් මෙහෙම හම්බ වෙන්නේ අපේ රටේ Dialog සහ Freesat ඇතුළු තවත් ආයතන කිහිපයක පමණයි. අපෙන් කොහොම හරි එක පාර හෝ ඊට පස්සේ ඒවට හොදට එකට තුන හතර ඒ ආයතන ගසා කාලා තමයි නිකන් ඉන්නෙ..🤪)


හරි එහෙනම් දැන් කියන්නේ මම තනියෙන් සැටලයිට් ඩිශ් එකක් ගෙදරදී කොහොමද සෙටප් කරගන්නේ කියලා.


මොනවා නැතත් ඉන්ටර්නෙට් යන්න පුළුවන් ඩිවයිස් එකක් තිබ්බනං ඇති ඉතින් වැඩ්ඩා වගේ සිග්නල් අල්ලන්න.


ප්‍රදාන වශයෙන් ඩිශ් Ku band , C band වර්ග දෙකකට බෙදනවා. මේ කියන්න යන්නේ ku band dish එකකට කොහොමද සිග්නල් ගන්නේ කියලා.(ku band කියන්නේ අපි එදිනෙදා දකින dialog වගේ සාමාන්‍ය ඩිශ් වලට)


මුලින්ම කරන්න ඕනි දේ තමයි ඩිශ් එක සම්බන්ද වන යකඩ බටය හරිම ලේවල් එකට එන විදිහට වහලයට හෝ අදාල ස්ථානයට සවි කරගන්න එක.එක හරිම ලේසි වැඩක් තමන්ගෙ ඇස් හොදට පෙනවනම් ඇහේ මිම්මට ගත්තනම් ඒ හොඳටම ඇති..😌


ඊට පස්සේ කරන්න තියෙන්නේ තමන් අල්ලන්න ඉන්න සැටලයිට් එකේ විස්තර ටික හොයාගන්න එක.ඒක හොයන්න නම් යන්න ලේසිම වෙබ් අඩවියක් තියෙයි.

( dishpointer වෙබ් අඩවිය )


මේකට ගිහින් ඔයාගේ ඉන්න ලොකේෂන් එකයි අදාල සැටලයිට් එකයි සිලෙක්ට් කරානම්  අදාල තොරතුරු ඔක්කොම ඔයාට පෙන්නන්න ගනීවි.


(මම උදහරණයක් ලෙස Dialog tv අල්ලන්න හැටි දාන්නම්.)



ඊට පස්සේ කරන්න ඕනි දේ තමයි වෙබ් අඩවියෙන් හොයාගත්ත සැටලයිට් එකට අවශ්‍ය කරන


Elevation සහ

Azimuth  එක සහ LNB angel එක නිවැරදිව සකසා ගන්න එක.



(මම මුලින්ම කරන්නේ අවශ්‍ය කරන Elevation එකට ඩිශ් එක සෙටප් කරගෙන LNB එක්ත් ඕනි පැත්තට කරකවලා ඊට පස්සේ ඉහත සදහන් වෙබ් අඩවියේ පෙන්නන පැත්තට ඩිශ් එක හෙමීට කරකවන එක තමයි.එතකොට වෙබ් එකේ කිව්ව හරිම azimuth එක සෙට් උනා ගමන්ම සිග්නල් එනවා.)


ඩිශ්පොයින්ටර් වෙබ් අඩවියේ LNB angel එක සමහර වෙලාවට පෙන්නන්නේ නෑ ඒ නිසා මට පහසු වෙන්න මම android app 3ක් විතර තව පාවිච්චි කරනවා ඒවගෙන් LNB angel එක බලාගන්න පුළුවන්.(ඉහත සදහන් Elevation සහ Azimuth  එක සහ LNB angel ඇප් එකකින් ලබාගත් ඒවාය.)😌




මං මේ වෙනකම් කියලා දුන්නේ සාමාන්‍ය dialog වගේ රිසීවරයකට සිග්නල් ගන්න හැටි.


ඉතින් අපේ මේ කොමියුනිටි එකේ කට්ටිය ඔක්කොම ඉන්නෙ  , සී කැම් , ෆෝරෙවර්  වගේ සවර් දාගෙන TV බලන්න සෙට් වෙලා ඉන්න අය.


ඉතින් සාමාන්‍ය සැටලයිට් රිසීවර් එකකට වඩා ගොඩක් තාක්ෂණය අතින් ඉහළ අන්ලොක්,ඕනෑම සැටලයිට් එකක් බලන්න පුළුවන් රිසීවර් තමයි අපි ගාව තියෙන්නේ.



ඒවාට වෙනම සැටලයිට්  සදහා සෙටින්ස් ඇඩ් කරන්න ඕනි.


සාමාන්‍යයෙන් එවැනි අන්ලෝක් සැටලයිට් රිසීවරයකට මුලින්ම 

Menu


  Installation හරහා නව සැටලයිට් ඇඩ් කිරීමේ හැකියාව පවතී.එහිදී  අදාල සැටලයිට් එකට නමක් සහ longitude එකක් ලබා දිය යුතුයි(Intel sat 12 / 45e )



ඉන් පසුව ඇඩ් කරපු සැටලයිට් එකට මුළු දවසේම සිග්නල් තියෙන ස්ට්‍රොංග් Transponder ekak ( TP ) ඇඩ් කරන්න ඕනි.


(මේ දිනවල dialog වල 

   

1. 11593 v  27688

2. 11675 v 27688

3. 11511 v 27688

4. 11637 v 27688

5. 11555 v 29903 මෙම tp නිවැරදි වේ..)


Tp ඇඩ් කිරීමෙන් පසුව LNB frequency එක 9750-10550 ලෙසත් සීලෙක්ට් කිරීමෙන් පසුව පෙර පරිදි ඔයාලට ඩිශ් එක නිවැරදි අතට දිශානත කර සිග්නල් ලබාගත හැක.



(ලෝකේ වටේ තියෙන ඕනි සැටලයිට් ඒකක සියලුම විස්තර lyngsat වෙබ් අඩවිය මගින්ද ලබාගැනීමේ හැකියාව පවතී.)



ඒ වගේම තමයි මේ කිව්වේ පුංචිම පුංච් දෙයක් විතරයි. ගොඩක් දේවල් ඉස්සරහට ටිකෙන් ටික පළ කරන්න බලාපොරොත්තු වෙනවා. 


(ඔයාලට මේක professional විදිහට කරගන්න ඕනිනම් වතුර බිංදු ලෙවල් එකකුයි,මාලීමාවකුයි ඕනිනම් සැට් ෆයින්ඩර් ඒකකුයි තිබ්බාම ඇති.)

ඉතින්..

අපිත් එක්ක ඉන්න හැමෝටම සුබපතනවා අපි ලබාදෙන ඒ දැනුම අඩුවක් නොවී හැමෝගෙම ඔළු වලට හොදට කාවදින්න කියලා.♥️♥️♥️

Post a Comment

Previous Post Next Post